විපක්ෂයේ ඉන්න කාලේ ජේවීපී එකේ වැඩ ගත්‍ත තරුණයන් ආණ්ඩු බලය ආවම ගහලා පන්නනවා.එහෙම තමයි මේ ආණ්ඩුවේ හැසිරීම – නාමල් රාජපක්ෂ

0
10

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, කොළඹ LNW :

යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මාතර කඹුරුපිටිය ගමින් ගමට වැඩසටහන අතරතුර මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“අද මාතර දිස්ත්‍රික්කයේ ගමින් ගමට වැඩසටහන ආසන කිහිපයක පැවැත්වෙනවා.ඉතිං ඒ අනුව ගමින් ගමට වැඩසටහන පැවැත්වෙන අතරතුරේ ගරුතර මහා සංඝරත්නයත් බැහැදැකලා ආශිර්වාද ලබා ගන්න ආවා.ඉතින් වෙනද වගේම අදත් හෙටත් හැමදාම ගම්මට්ටමෙන් අපේ පාක්ෂිකයන් මුණගැහෙමින් අපි දේශපාලනිකව ගම් මට්ටමින් ශක්තිමත් වෙමින් ඉදිරියට යනවා.

ඒ වගේම තමයි ප්‍රාදේශීය සභා මැතිවරණ වෙනකොට අපි ශක්තිමත් බලවේගයක් විදියට අපි ගොඩනැගුණා.අපිට විශාල ඡන්ද ප්‍රමාණයක් වැඩි වුණා.අපේ හිතනවා ඉදිරි කාලසීමාව තුළත් විශේෂයෙන්ම මේ ආණ්ඩුව එදා කියපු බොරු සහ අපි දකිනවා යහපාලන ආණ්ඩුව ගොඩනගන කොට මූලික වෙච්ච බොහෝ පිරිස් අද මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා තමන් එදා රාජපක්ෂලට එදා තිබිච්ච ආණ්ඩුවට මඩ ගහන්න කොහොමද මුදල් වියදම් කරේ,ඒ මුදල් ගත්තු අය ගැනත් කියනවා.මොන සංවිධානද මොන දේශපාලන පක්ෂද කියලා.ඉතින් එහෙම තමයි මේ බොරුව සමාජගත කරේ.හැබැයි යහපාලන කාලෙ සල්ලි අරන් බොරු කියපු අය අද මහජන මුදල් වියදම් කරලා තමන් කියපු බොරු ඇත්තක් කියලා ඔප්පු කරන්න අධිකරණය පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්න උත්සාහ කරනවා.ඉතිං ඒකෙන් සමස්ත රටම සමාජයම මේ රාජ්‍ය යාන්ත්‍රණයම කඩාගෙන වැටෙනවා.යම් දිනෙක මේවටත් ඒ අයට වගකියන්න වෙයි.සල්ලි වලට බොරු කියලා දැන් රටේ දේපළ පාවිච්චි කරලා ඒ බොරු ඇත්ත කරන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ලොකුම අපරාධය.එක පැත්තකින් චරිතඝාතනය කරනවා පුද්ගලයන්ගේ, බොරුව සමාජගත කරනවා සමාජය වෛරය ඉරිසියාව කුහකත්වය ක්‍රෝධය පතුරනවා අනිත් පැත්තෙන් තමන්ගේ බොරුව ඇත්ත කියලා කියන්න ඕන හින්දා මිනිස්සුන්ගේ බදු මුදල් වියදම් කරනවා.ඉතින් ඒක තමයි සැබෑ අවභාවිතය.ඉතින් ඒකත් මතක තියාගන්න ඔය දඟලන අය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here