පසුගිය මාස හතරක් තුළ අනීතිකව මෙරටට ගෙන එන ලද විදේශීය දුම්වැටි විසි ලක්ෂ තිස් දෙදහස් අටසිය හතරක ප්‍රමාණයක් අද (30) විනාශ කෙරිණි.
ඒ, ශ්‍රී ලංකා රේගුවේ මූලිකත්වයෙන් කෙරවලපිටිය අපද්‍රව්‍ය බලශක්ති විදුලි බලාගාරයේදීය.
මෙම විදේශීය දුම්වැටිවල වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 305ක් වේ.
මෙම තොගය රට තුළට ගෙන ආවේ නම් රජයට රුපියල් මිලියන 271ක බදු ආදායමක් අහිමි වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.
Saru News








