විදේශයන්හි රැකියා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් 32%කින් ඉහළට – Saru News | සිංහල

0
4

රැකියා සඳහා විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයින් විසින් මේ වසරේ මුල් මාස 02 තුළ මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය 2025 වසරේ මුල් මාස 02ට සාපේක්ෂව 32%කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

2025 වර්ෂයේ මුල් මාස 02 තුළ විදේශ ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලැබූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,121ක් වූ අතර 2026 වසරේ මුල් මාස 02 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,480.1ක මුදලක් මෙරටට එවා තිබේ.

2026 වසරේ පෙබරවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 729ක් මෙරටට එවා ඇති අතර 2025 වර්ෂයේ පෙබරවාරි මස ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 548.1කි. ඒ අනුව 2025 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව 2026 වසරේ පෙබරවාරි මාසයේ විදේශ ප්‍රේෂණ ලැබීම්වල කැපී පෙනෙන වර්ධනයක් ඇති වී ඇත.

මේ අතර, මේ වසරේ මුල් මාස 02 තුළ ලාංකිකයින් 47,819 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති අතර, මාර්තු මාසයේ 01 සිට 09 දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවීම වෙනුවෙන් ලාංකික ශ්‍රමිකයින් 3,241 දෙනෙකු කාර්යාංශ ලියාපදිංචිය ලබාගෙන තිබේ.

0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here