විදෙස්ගතව සැඟව සිටින ඇල්ටෝ ධර්මේගේ තියුණු ආයුධ කල්ලිය අත්අඩංගුවට

0
10

විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි ලියනගේ නොහොත් ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ තියුණු ආයුධ කල්ලියේ සාමාජිකයින් තිදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාර්යාංශය පැවසුවේ අදාළ සැකකරුවන් සමග ඔවුන් සතුව තිබී කඩු 3ක්, රුපියල් ලක්ෂ 25ක් වටිනා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

පසුගිය කාලය පුරා මොරටුව දෙහිවල හා ගල්කිස්ස පොලිස් වසම් හිදි ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ ප්‍රතිවාදීන් තියුණු ආයුධ ප්‍රහාරයට ලක්කර මාරාන්තික තුවාල සිදුකර තිබුණේ ඔහුගේ සමීපතමයෙකු වන දුමිඳු නැමැත්තාගේ උපදෙස් මත මෙම කල්ලිය විසින් බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම පසුගිය 26 වැනි දින මොරටුව පොලිස් වසමේ දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කර බරපතළ තුවාල සිදුකර ඇත්තේද මෙම කල්ලිය විසින් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පැවසීය.

මෙලෙස අත්අඩංගුව ගත් සැකකරුවන් රත්මලාන සහ අඟුලාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here