ජාතික විදුලිබල ප්‍රතිපත්තිය මෙවර ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.
ඊයේ (23) දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර ඊට ජාතික විදුලිබල ප්‍රතිපත්තියට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී නොමැති බව වාර්තා වේ.
ඒ අනුව ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනිම තවදුරටත් ප්‍රමාද වී තිබේ.
මේ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ප්‍රමාද වන අතර ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්‍රකාශයට පත්කිරීම ද කල්යනු ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ අදියර 5ක් යටතේ ක්‍රියාත්මක වූ අතර ඉන් අදියර 4ක් මේ වන විටත් අවසන් කර ඇත.
ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරිමේ කටයුතු ද මේ වන විය අවසන් කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි වන දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.
කෙසේවෙතත් මීට පෙරදී ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබුණේ පෙබරවාරි මස 28 වන දින ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවය.
Saru News
















