විජේදාස රාජපක්ෂ ගම්මන්පිලගෙන් උපදෙස් ගනියි.. – Saru News | සිංහල

0
12

හිටපු අධිකරණ ඇමතිවරයෙකුද වන නීතිඥ විජේදාස රාජපක්ෂ මේ වනවිට නීතිඥ උදය ගම්මන්පිලගෙන් උපදෙස් ගෙන ප්‍රකාශ නිකුත් කරන තත්වයට පත්ව සිටී.

මේ බව තහවුරු වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධුරයේ වැඩ තහනමකට ලක් කළ චමින්ද කුමාර කුලරත්න සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශයක් මගිනි. මොහුගේ වැඩ තහනම් කර ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් ගුණවර්ධන බවට උදය ගම්මන්පිල කළ ප්‍රකාශය අනුව යමින් විජේදාස රාජපක්ෂද ඊයේ (26) ප්‍රකාශයක් සිදු කර තිබිණි.

එහෙත් එම වැඩ තහනම් කිරීමේ ලිපිය පාර්ලිමේන්තු මහා ලේකම් කුශානි රෝහණදීරගේ අත්සනින් නිකුත් කර ඇති අතර එම වැඩ තහනම් කිරීමේ තීරණය ගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නියෝජිතයා ලෙස ගයන්ත කරුණාතිලකද සහභාගී වූ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක සභාව මගින්ය. කරුණු එසේ තිබියදී ගම්මන්පිලගේ ප්‍රකාශ අනුව යමින් ක්‍රියා කිරීමට විජේදාස රාජපක්ෂද කටයුතු කරමින් සිටී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here