Monday, May 19, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් විජයග්‍රාහී සැමරුමට ජනපති අද එයි – නොඑන්න හදපු එක නාමල්ට විමල්ට ගම්මාට...

විජයග්‍රාහී සැමරුමට ජනපති අද එයි – නොඑන්න හදපු එක නාමල්ට විමල්ට ගම්මාට ලොකු ප්‍රශ්නයක්

0
5


the-president-will-come-to-the-victory-day-celebrations-today-the-fact-that-he-did-not-come-is-a-big-problem-for-namal-wimal-gamma

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් අද (මැයි 19) පැවැත්වෙන ‘ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය’ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වේ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී පස්වරු 4:00 සිට 6:00 දක්වා මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත ය.

ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පවසන්නේ, සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බව ය.


අවසන් යුද සමයේ නායකත්වය දුන් ත්‍රිවිධ හමුදාපතිවරුන් තිදෙනා ද ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද මීට සහභාගී වීමට නියමිත ය.
ජාතික රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පසුගිය 16 වනදා මේ ගැන මුලින් සිදු කළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම උත්සවයට ජනපති අනුර කුමාර නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පමණක් සහභාගී වනු ඇතැයි දන්වා තිබුණි.
එයින් පසු ඇතැම් සමාජ ජාලා හා විද්‍යුත් න‍ාලිකා ඔස්සේ ජනපති එම උත්සවයට ‘එක් නොවන්න හැදීම’ විවේචනයට ලක්කර තිබුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා  දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන විමල් වීරවංශ , උදය ගම්මංපිල ආදීන්ද මේ ගැන දැඩි විවේචන එල්ල කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබූ අතර ඔවුන් මෙය දේශපාලන ප්‍රශ්නයක් ලෙස ඉස්මතු කරන්නට වෑයම් කර තිබුණි.
අවසානයේ වාර්තාවූයේ ජනපතිවරයා මෙම උත්සවයට පැමිණෙන බවයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here