විගමණිකයන්ට අලුත් අවුරුද්දට මුදල් ලබාදෙනවා කියන කතා බොරු

0
12


විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000.00 ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මගින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරනවා .

විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මගින් දන්වා සිටින අතර එවැනි නිවේදනයක් කාර්යාංශය මගින් කිසිඳු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ .

එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මගින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමග යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය දන්වා සිටිනවා .

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. එසේම රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ .

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බවද කාර්යාංශය සඳහන් කරනවා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here