වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක්

0
9

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම බන්ධනාගාරය මේ වන විට ගැසට් කර ඇති බවය.

බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකර රැඳවියන් ඒ වෙත කඩිනමින් යොමුකිරීම සඳහාද අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ, රාජ්‍ය ආයතන කිහිපයක ගොඩනැගිලි තෝරාගෙන ඒවා තාවකාලික බන්ධනාගාර ලෙස සකස් කිරීමද ආරම්භ කර ඇති බවය. 

මේ වනවිට මෙරට බන්ධානාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 39000 කට අධික නමුත්, බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව 11000 ක් පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here