වැටලීමට ගිය පොලීසියේ පිරිසකට ප්‍රහාරයක්

0
11

වැටලීමක නිරතව සිටීයදි පුද්ගලයන් පිරිසක් සිදුකළ පහර දීමකින් මහඔය පොලිසියේ දූෂණ මර්දන ස්ථානාධිපතිවරයා තුවාල ලබා මහඔය රෝහලට ඇතුළත් කර ඇති බව මහඔය පොලිසිය සඳහන් කරයි.

මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු ඊයේ (31) වසරේ ගල්වලයාය ප්‍රදේශයේ වැටලීමක නිරත වෙමින් සිටියදී පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලුවලින් පහර දීමක් සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙම පහර දීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දකුණු අතට තුවාල සිදුවීමෙන් ඔහු රෝහල් ගත කර ඇත.

මෙම පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් බීමතින් සිටි බවත් පොලිසිය පවසයි. 

(ලංකාදීප)

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here