වාහන අංක තහඩු මුද්‍රණයට නව වැඩපිළිවෙලක්

0
4

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව සමාගමකට පැවරීම හා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කෙරිණි.

ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියේය.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කර සිටියේ අදාළ ගිවිසුමට අනුව මාස තුනක් ඇතුළත එම සමාගම අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ යුතු බවය.

එමෙන්ම මෙම ගිවිසුම ප්‍රසම්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වූ බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම හරහා එහි අනුමැතියෙන් පසුව නීතිපතිගේ උපදෙස් මත මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් අදාළ සමාගම සමග මූලික සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ අතර මාස දෙකක් වැනි කාලයක් අතරතුර මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය බිලියන තුනක පමණ වටිනාකමින් යුතු ව්‍යාපෘතියක් වන අතර එය අද දින සිට අවුරුදු පහක කාලයක් සඳහා අදාළ සමාගමට ලබා දී ඇති බවය. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here