ව්‍යාප්තවාදය නොව සංවර්ධන ප්‍රතිපත්ති පමණක් තමා තරයේ විශ්වාස කරන බව ඉන්දීය අගමැති පවසයි

0
9


ව්‍යාප්තවාදය නොව සංවර්ධන ප්‍රතිපත්ති පමණක් තමා තරයේ විශ්වාස කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ පැවැත්වෙන බිම්බ්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සඳහා පසුගියදා එරටට පැමිණියා.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොන්ග්ටාර්න් ෂිනවත්‍රා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කෙරුණා.

ඉන්දු පැසිෆික් කලාපයේ නිදහස් විවෘත හා රෙගුලාසි මත පදනම් වූ තත්ත්වයක් ඇති කිරීමට දෙරටේ නායකයින් මෙහිදී එකඟතාවය ඵල කර තිබෙනවා.

දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා උපාය මාර්ගික හවුල්කාරිත්වයක් යටතේ වේගවත් කිරීමටයි මෙහිදී අවධානය යොමුව ඇත්තේ.

ඉන්දියාව හා තායිලන්තය අතර  සංචාරක සංස්කෘතික හා අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ද මෙහිදී කටයුතු කර තිබුනා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here