ව්‍යාජ අංක යතුරුපැදියක් සහ 9mm පතොරොම්, අයිස් සමග සැකරුවෙක් අත්අඩංගුවට – Saru News | සිංහල

0
4

ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් සහ මිලිමීටර් 9 වර්ගයේ ජීව පතොරොම් 09ක්, අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු බටපොල, වතුරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීය. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 800ක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 25ක් වන වතුරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here