ලක්දිව ඉංජිනේරු සමාගම කියන්නේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ තියෙන ප්‍රධාන ආයතන 16කින් එකක්. හැබැයි මේ ආයතනය මීට මාස හයකට ඉහතදී නම් තිබුණේ ඈවර කරන්න ඔන්න මෙන්න කියලා.
දැන් ලක්දිව ඉංජිනේරු සමාගම සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවන තත්ත්වයට පත්වෙලා.
මේ ලක්දිව ඉංජිනේරු සමාගම ඉදිරියට ආ ගමන් මග.
ලක්දිව ඉංජිනේරු සමාගම මගින් සිදුකරන්නේ බස් රථ අලුත්වැඩියා කරන එකයි.
පසුගිය කාලවලදී මේ ඉංජිනේරු සමාගමට එතරම් තැනක් ලබාදී තිබුණේ නැහැ.
දිවයිනේ පිහිටි ඩිපෝවල කොපමණ බස් රථ සංඛ්‍යාවක් ධාවනයට යොදවන්නේ නැතුව තැන් තැන්වල නතර කරල තියෙනවද ?
හැබැයි මේ බස් රථ බොහොමයක් සුලු අලුත්වැඩියාවක් කරලා ධාවනයට යොදවන්න පුළුවන් බස් රථ.
ඒත් ඒවා ගැන කිසිම තැකීමක් සිදුකරලා නැහැ.
පසුගිය මාස 6 ඇතුළත මේ සමාගම මගින් බස් රථ 65කට අධික සංඛ්‍යාවක් අලුත්වැඩියා කරලා යළි ධාවනයට යොදවල තියෙනවා.
ඒ වගේම සමාගමත් ලාභ ලබන තත්ත්වයට පත්වෙලා.
Saru FM Media