වසර 16කට හිරගෙට ගිය උතුරු මැද හිටපු මහ ඇමතිට වැලිකඩ මුද්‍රණ අංශයේ වැඩ

0
25


වසර 16 බැගින් සිරදඬුවම් නියම කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ බන්ධනාගාරයේ වැඩ අංශය සඳහා යොමුකර තිබෙනවා.

ඒ අනුව එස්.එම්. රංජිත් මහතා යොමුකර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ කර්මාන්ත අංශයට අයත් මුද්‍රණ අංශයේ වැඩ සඳහායි.

එස්.එම්. රංජිත් මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ තවත් සිරකරුවන් සිය දෙනෙකුට ආසන්න පිරිසක් සමඟ රඳවා සිටිනවා.

ඒ අනුව ඔහු පෙරවරු 07.00 සිට පස්වරු 04.00 පමණ දක්වා මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කෙරෙනවා. 

කෙසේවෙතත් ඉරිදා සහ රජයේ නිවාඩු දිනවලදී කර්මාන්ත අංශයේ වැඩ සඳහා සිරකරුවන් යොදා ගන්නේ නැහැ.

ඒ අනුව එස්.එම්. රංජිත් මහතා අද දිනයේ වැලිකඩ බන්ධනාගාරයේ ‘කේ’ වාට්ටුවේ රඳවනු ලබන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.  

මේ අතර ශාන්ති චන්ද්‍රසේන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ මැහුම් අංශයේ වැඩ සඳහා යොමු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here