වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට දිනයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි.
අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් සභාපති පවසා සිටියේ හෙට පස්වරු 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවය.
“අකුරේගොඩ වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව අද නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා ඒ අනුව තීරණයක් ගත්තා මේක සම්ස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගත්තා මේක අපේ විධාක මණ්ඩලය විසින් තීරණය කර යුතු දෙයක් නෙමයි. ඒ නිසා හෙට සවස 3ට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් මේ පරිශ්‍රයේ අපි කැඳවනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමෙදී තමයි තීරණය වෙන්නේ. මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ මෙවැනි රැස්වීමක් අන්තිමට කැඳවීමක් කළේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ඒ දෝෂාභියෝග ප්‍රශ්නය නිසා ඊට පස්සේ අවුරුදු 14කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ.”
Saru News









