වසර 14කට පසු කොළඹට රැස්වූ නීතිඥවරු

0
4

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින් අද (15) කොළඹට රැස්විය.

කොළඹ අලුත්කඩේ පිහිටි ශ්‍රී ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ වසර 14කට පසුව වීම සුවිශේෂීය.

අවසන්වරට මෙවැනි රැස්වීමක් කැඳවා තිබුණේ 2012 වසරේදී එවක හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග යෝජනාවක් මගින් ධුරයෙන් පහකෙරුණ සිද්ධියේදීය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here