වවුනියාවේ පාසල් ශිෂ්‍යාවගේ ඝාතනයට යුක්තිය ප්‍රමාදයි – ඥාතීන්ගෙන් ජනපතිට ලිපියක්

0
4

වවුනියාව පණ්ඩාරීකුලම ප්‍රදේශයේ දී 16හැවිරිදි පාසල් ශිෂ්‍යාවක දූෂණය කර මරා දමා වසර දහයක් ඉක්ම ගොස් ඇතත් මේ දක්වා නිසි අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඬුවම් ලබා දී නොමැති බවට පවුලේ ඥාතීන් විසින් 17 වැනිදා ජනාධිපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

මේ ශිෂ්‍යාව දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් නඩුවක් වවුනියාව අධිකරණයේ විභාග වෙමින් පවතින අතර ගත වූ වසර දහයක ම කාලය ඇතුළත සිදු වූයේ එම නඩුව කල් දැමීම පමණක් බව එම ලිපියේ සඳහන් වෙයි.

2016 පෙබරවාරි 16 වැනිදා, වව්නියාවේ බණ්ඩාරිකුලම් උක්කුලන්කුලම් ප්‍රදේශයේ නිවසේ තනිව සිටිය දී 16 හැවිරිදි කෙන්ගතරන් හරිස්නාවි පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කර වසර දහයක කාලයක් ඉකුත් වන මේ මොහොත වනවිටත් අපරාධකරුවන් නිදැල්ලේ සිටින බැවින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය මේ කරුණ කෙරෙහි යොමු කර පොලිසිය ලවා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඥාතීන් විසින් යවන ලද ලිපියෙන් ඉල්ලා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here