UPDATE – යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් රෝහල් ගත කර සිටි තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යාත්‍රාවේ වන්දනාකරුවන් 25ක් ගමන් කර ඇතැයිද ඉන් 10ක් සොයා මේ වන විටත් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.
—————————-
යාපනය ගුරුනගර් තොටුපොළේදී අද (6) බෝට්ටුවක් පෙරළී අනතුරකට ලක්ව තිබේ.
පාලෙයිතිව් උත්සවය සඳහා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් සිටි බෝට්ටුවක් මෙලෙස අනතුරට පත්ව ඇති බව වාර්තා වේ.
පුද්ගලයින් කිහිපදෙනෙකු දියේ ගිලී ඇති අතර, ඔවුන් බේරාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව අප වාර්තාකරු පැවසීය.
Saru News















