වත්මන් රජයේ බාල ගල් අගුරු දූෂණය ඉන්ධන බලාගාර මාෆියාව තවදුරටත් ශක්තිමත් කිරීමක් පමණි – විපක්ෂ නායක සජිත්

0
4

මාර්තු 14, කොළඹ LNW :

වත්මන් රජය රටට ගෙන එන්නේ බාල ගල් අගුරු බවට සමගි ජන බලවේගය අනාවරණය කළ බවත්⁣ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් ඊයේ දිනයේ මෙගවොට් 810ක් නිපදවිය යුතු වුවත් නිපදවා ඇත්තේ මෙගවොට් 680ක් බවත් මෙගවොට් 130ක හිඟය ඇත්තේ බාල ගල් අගුරු නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලාගාරය නිපදවන සැම ඒකකයකින් මෙගවොට් 30 බැගින් අභ්‍යන්තර භාවිතයට ගන්නා නිසා මෙගවොට් 810ක් පමණක් නිෂ්පාදනය වන බවත් මෙසේ උත්පාදනය වන විදුලියෙන් මෙගවොට් 130ක් හිග බවත් මෙයට හේතුව බාල ගල් අගුරු භාවිතය බවත් බාල ගල් අගුරු යොදා ගැනීම නිසා ප්‍රමාණවත් විදුලි උත්පාදනය නොවීම නිසා ඉන්ධන බලාගාරවලින් අමතර විදුලිය ගෙන රටටත් ජනතාවටත් පාඩු සිදු වන බවත් මේ පාඩුව රටේ විදුලි පාරිභෝගිකයන්ට දරන්නට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

බාල ගල් අගුරු නිසා සිදුවන පාඩුවේ බර විදුලි පාරිභෝගිකයන්ට දරන්න සිදුවන බවත් මේ බාල ගල් අගුරු නිසා හදීසි මිල දී ගැනිමට යා යුතු බවත් මේ හදිසි මිල දී ගැනීම සිදු කරන්නේද මෙතෙක් බාල ගල් අගුරු ගෙන්වූ ආයතනයෙන් බවත් මේ හදිසි මිලදී ගැනීම තුළින්ම රජය බාල ගල් අගුරු ගෙන්වූ ආයතනයටම නව ටෙන්ඩර් ලබා දීමට කටයුතු කරන බවත් මෙය බරපතළ ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බලශක්ති සුරක්ෂිතභාවය ඉවරයි.දැන් තියෙන්නේ බලශක්ති අනාරක්ෂිතභාවයයි

මේ බාල ගල් අගුරු නිසා බලශක්ති ක්ෂේත්‍රයේ අනාරක්ෂිත බවක් ඇතිව තිබෙන බවත් බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම රජයේ වගකීම වුවත් බාල ගල් අගුරු නිසා එය කළ නොහැකි බවත් මෙ නිසා උපකරණවලට හානි සිදු වීම අලු ප්‍රතිශතය වැඩි වීම නිසා සෞඛ්‍ය හානි සිදුවීම සිදුවන බවත් මේ බාල ගල් අගුරු නිසා බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවට බලශක්ති අනාරක්ෂිතභාවයක් නිර්මාණය කර ඇති බවත් මෙය පරිසරයට මෙන්ම සෞඛ්‍යටද මරු පහරක් එල්ල කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පසුගිය දිනක රජය නියෝජනය කරන බලධාරින් නොරොච්චෝල බලාගාරයේ නිරීක්ෂණය කිරීමට කටයුතු කළ අවස්ථාවේ පවා අඩුවෙන් විදුලිය නිපදවන බවට පෙනී ගිය බවත් මෙය දැක දැක බාල ගල් අගුරු ගැටලුවක් නැති බවට රටට ප්‍රකාශය කිරීම වැරදි දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මැදපෙරදිග යුද්ධය අස්සෙත් රජය බාල ගල් අගුරු ගේනවා

මැදපෙරදිග යුදමය තත්ත්වය තුළ අප රටේ බලශක්ති ක්ෂේත්‍රයේ අනාරක්ෂිතභාවයක් නිර්මාණය වී ඇති මොහොතක බලශක්ති ක්ෂේත්‍රයේ මිල වැඩි වීමක් සිදුවන මොහොතක ජනතාව කබලෙන් ළිපට වැටී ඇති මොහොතක පවා බාල ගල් අගුරු ගෙන්වීම නිසා සිදු වන්නේ විශාල හානියක් බවත් මෙය රට කෙලෙසන දෙයක් බවත් මේ පාඩුව ජනතාවගේ කරපිට පටවන රජයක් ඇති බවත් වත්මන් රජය මේ සිදු කරන්නේ බාල වැඩක් බවත් රටට කරන අපරාධයක් බවත් ක්‍රමයේ වෙනසක් ඇති කරනවා කියා රජය දූෂිත වංචනික ක්‍රියාදාමයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් රජය විදුලි පාරිභෝගිකයන්ට වැඩි මිලක් ලබා දී මෙ දුෂණයේ බර විදුලි පාරිභෝගිකයන්ගේ කරපිට පටවා මේ මහා වංචාවේ බර ජනතාව කරපිට පටවා ඇති බවත් මෙය අපරාධයක් බවත් රජයට ජන වරමක් දුන්නේ මෙවා කරන්න නොවන බවත් දැන්වත් මේ දේවල් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ග්

The post වත්මන් රජයේ බාල ගල් අගුරු දූෂණය ඉන්ධන බලාගාර මාෆියාව තවදුරටත් ශක්තිමත් කිරීමක් පමණි – විපක්ෂ නායක සජිත් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here