වත්තලින්  ජීව පතරොම් සහිත පාර්සලයක්

0
4

වත්තල ගාල හන්දිය ප්‍රදේශයේදී ජීව පතරොම් සහිත පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මෙම පාර්සලය සොයාගෙන ඇති බව පොලිසිය පැවසීය.

එම පාර්සලය තුළ ටී56 ජීව පතරොම් 04 ක්, රිවොල්වර වර්ගයේ ජීව පතරොම් 04 ක්, පිස්තෝල වර්ගයේ ජීව පතරොම් 02 ක් හා විවිධ වර්ගයේ සිම්පත් 11 ක් තිබී ඇති අතර සිදු කළ විමර්ශනයකින් පසු අදාළ පාර්සලය සගවා තැබූ බවට සැකපිට පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි පොල්පාගොඩ, යක්කලමුල්ල ප්‍රදේශයේ පදිංචි හිටපු යුධ හමුදා සෙබලෙකු බව ද සඳහන් වේ.

මෙම සැකකරු ගල්නෑව, කල්තොට හා ඇල්පිටිය පොලිස් වසම්වලට අදාළ අධිකරණවලින් දින වරෙන්තු හා විවෘත වරෙන්තු නිකුත් වී ඇති පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශන සිදුකිරීමට පැය 72ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතය.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here