විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩාම පරදා කඩුළු 8ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල B කාණ්ඩයෙන් සුපිරි 8 දෙනාගේ වටයට සුසුදුකම් ලබා ගැනීමට සමත් විය.
පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ ඔස්ට්‍රේලියාවෙන් හිමි වූ ලකුණු 182 ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී තරගේ 18 වන පන්දු වාරයේ දී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකි විය.
මේ තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට පැතුම් නිස්සංක සමත් වූ අතර ඔහු පන්දු 52කදී නොදැවී එම ශතකය ඔහු වාර්තා කළේය.
පැතුම්ගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 10ක් ඇතුළත් විය.
ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 38කින් ලකුණු 51කද පවන් රත්නායක පන්දු 15කින් නොදැවී ලකුණු 28ක්ද රැස් කළේය.
එමෙන්ම ඔස්ට්‍රේලියාව ලැබු පරාජයත් සමඟ තරගාවලියේ ඔවුන්ගේ ඉදිරිගමන අවධානමකට ලක් විය.
මේ අතර, අද තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ හෙට (17) ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.
පන්දු යවමින් සිටියදී වම් කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්ව ඇති අතර තුවාලයේ බරපතළකම තක්සේරු කිරීම සඳහා ඔහුට මෙම ස්කෑන් පරීක්ෂාව සිදුකරන බවද පැවසේ.
Saru News










