20-20 ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද (04) දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.
ඒ ඉන්දියාවේ කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩ්න් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.
රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගයට සහභාගී වන කණ්ඩායම් දෙකෙහි ක්‍රීඩකයන් සිය අවසන් පුහුණු සැසිවලට ඊයේ (03) රාත්‍රියේ සහභාගී විය.
තරගාවලිය පුරාම ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම අපරාජිතව රැඳී සිටීම අනෙක් සියලු ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් බවට පත්වනු ඇති බව ක්‍රීඩා විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
Saru News
















