ලෝකෙ පුරා ජනප්‍රිය වෙච්ච ඉන්දියානු ගීත

0
15


හින්දි සිංදු අහල නැති, අහන්න අකමැති කෙනෙක් හොයාගන්න කොච්චර අමාරුද නේද? හින්දි සිංදු කියන්නේ ඒ තරම් මධුර මනෝහර සුන්දර හිතට කතා කරන සිංදුනෙ.

ඉන්දියාවේන් එපිටට ගිහින් ලෝකෙ පුරාම වැඩිපුරම ජනප්‍රිය වෙන්නේ හින්දි චිත්‍රපට ගීත. මොකද ලංකාවට වගේ ඉන්දියාවට  සංගීත ක්ෂේත්‍රයක් කියල දෙයක් නෑ. එයාලගෙ අපි අහන්නෙ කරන්නෙ වගේම ජනප්‍රිය වෙන්නෙ චිත්‍රපට වල ගීතම තමයි.

ඉතින් අපි හිතුවා අද ඒ වගේ ලෝකෙම ජනප්‍රිය වෙච්ච හින්දු සිඳු ගැන විතර ඔයාලත් එක්ක බෙදාගන්න.

මේ සිංදුව එන්නෙ රාජ් කපූර් රඟපාපු Awaara කියන චිත්‍රපටයේ. ඒ දවස්වල රාජ් කපූර්ව රුසියාවෙ මිනිස්සු ආදරෙන් වැලඳගත්ත කියල තමයි අන්තර්ජාලයේ මේ ලිපිය ලියන්න විස්තර හොයද්දි මට දැනගන්න ලැබුනේ. ඉතින් 1960 ගණන්වලදි රාජ් කපූර්ව රුසියාවෙ මිනිස්සු කොච්චර ආදරෙන් වැලඳගත්තද කියනවනම් මේ Awaara චිත්‍රපටය රුසියානු බාසාවෙන් Brodiaga කියන නමෙන් රුසියාවෙත් පෙන්නල තියෙනවා.

එහෙම ජනප්‍රිය වෙච්ච පලවෙනි හින්දි ගීතය වෙච්ච මේ Awara Hoon සිංදුව කාලයක් යනකම් ඔය හෝටල්වල, රෙස්ටුරන්ට් වල පවා වාදනය කලා කියලත් අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

මේ විදියට ජනප්‍රිය වෙච්ච තව හින්දි සිංදුවක් තමයි Mundian To Baach Ke කියන්නේ. 2002 අවුරුද්දෙ Panjaabi MC එක තමන්ගෙ සිංදුවකින් Cross Culture Air waves ජයගන්න සමත් වුණා කිව්වොතින් හරියට හරි. මේ Mundian To Baach Ke කියන සිංදුව ඒක රිලීස් වෙච්ච කාලෙ අඩුම රටවල් 15කවත් Music Chart Show වල පලමු විසි දෙනා අතර ඉඳිය බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.

 පංජාබි භාශාවෙන් නිකුත් වෙච්ච මේ ගීතය කොපි මිලියන 10ක තරමෙ ප්‍රමාණයක් ලෝකෙ පුරා අලෙවි වුණ බවත් ඒ තොරතුරු අතරෙම සඳහන් වෙලා තියෙනවා.  ඒ වගේම ඉතාලියෙ සහ බෙල්ජියමෙ පලවෙනි තැනටත්, ජර්මනියෙ දෙවනි තැනටත් එන්න මේ ගීතයට පුලුවන්කමක් ලැබුනලු.

මේ ජනප්‍රිය ගීතය රිලීස් උනේ 1982 අවුරුද්දෙදි. මේකත් ඉන්දියාවෙන් එහාට ගිහිල්ල සෝවියට් යූනියන් එකෙත් ජනප්‍රිය වුණ බව තමයි අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ. 80 ශශකය පුරාවටම වගේ රුසියාවේ ගිම්හාන නිවාඩු නිකේතන වල නැටුම් බිම මේ ගීතයෙන් කල එලි වුන බවටත් ආරංචි මාර්ග සඳහන් වෙනවා.

Mithunව ඉන්දියාවේ ඊලඟ සුපිරි සහ ජනප්‍රියම නලුවන්ගෙන් කෙනෙක්ව කරන්නත් මේ සින්දුව ලොකුම ලොකු දායකත්වයක් දුන්නා කියල සඳහන් වෙනවා. ඒ වගේම Mikhail Gorbachev ඉන්දියාවට ආව වෙලාවක රජීව් ගාන්ධි ඔහුට අමිතාබ් බච්චන්ව ඉන්දියාවෙන් බිහිවුණ සුපිරිම නලුව කියල අඳුන්වල දුන්නවම Mikhail දීල තියෙන්නෙ හරි සුපිරි උත්තරයක්.

“මගෙ නෝන දන්නෙ රාජ් කපූර්ව විතරයි. මගෙ දූ දන්නෙ මිතුන් චක්‍රබෝර්තිව විතරයි”

ඉතින් හිතාගන්න පුලුවන් නේද Awara hoon සහ I am a disco dancer සිංදු ගිහින් තිබ්බ දුර!

ඊලඟට ලෝකෙම ජනප්‍රිය වෙච්ච සිංදුවක් තමයි මේ Tunak Tunak Tun සිංදුව. මේකනම් අදටත් අපිට ඉඳල හිටල හරි ඔය ටික්ටොක් එකේ එහෙම අහන්න ලැබෙනවනෙ. සමහර සින්දු තියෙනව ආව ගමන් හිට් වෙනව ඒත් ඊටපස්සෙ හොයාගන්න නැතිවෙන ඒව. ඒත් එහෙම සිංදු අතරෙ  Iconic සින්දු තියෙනවා තමන්ව Follow කරන Cult එකක් හදාගන්න පුලුවන් තරම් ප්‍රභල.

ඉතින් 1998 නිකුත් වෙච්ච Tunak Tunak Tun කියන්නෙ අන්න එහෙම සිංදුවක්.

 ජර්මනියෙ ඉඳල කොරියාව දක්වාත් තරුණයින් අතරෙ මේ සිංදුව ඉමහත් ජනප්‍රියත්වයට පාත්‍ර වෙලා තියෙනව රිලීස් වෙලා පොඩි කාලෙක ඉඳලම. මේ සිංදුවෙ තියෙන Mehndi ගෙ විශේෂිත බන්ග්‍රා නැටුම් පවා කට්ටිය පුරුදුවුනාලු පිස්සුවෙන් වගේ.

මේකත් මේ ලෝකෙ වටේටම ගියපු හින්දි සිඬුවක් කිව්වොතින් හරි. මේ සිංදුවෙ තියෙන්නෙ Shree 420 කියන චිත්‍රපටයේ. ජෙරුසලමෙට යන ඕනම ඉන්දියානුවෙක්ට ඒවයි කඩවල ඉඳගෙන මේ සිංදුව කියන කඩහිමියෙක්ව දකින්න ලැබෙන එක අනිවාර්‍යයි කියල ඔන්න කියන්නෙ මම නම් නෙවෙයි ඉන්ටර්නෙට් එක.

ඉතින් රාජ් කපූර් රඟපාපු, රුසියන් මිනිස්සු අතරට ගිය තවත් එක් සිඳුවක් විදියටත් අපිට මේ සිංදුව හඳුන්වන්න පුලුවන්.

මේක නම් ඉතින් අහපු නැති කෙනෙක් නැති තරම් නේ. මෑත කාලයේ ජනප්‍රිය වෙච්ච තවත් එක් ඉන්දියානු ගීතයක් විදියට අපිට  Kolavery Di සිංදුව හඳුන්වන්න පුලුවන්. කොටින්ම මේ සිංදුව එන චිත්‍රපටය නොබලපු අය පවා මේ සිංදුව දහ දොලොස් පාරක් අහල තියෙනවා.

2011 නොවැම්බර් අවුරුද්දෙ YouTube එකේ වැඩිම වාර ගණනක් සර්ච් කරපු සිංදුව විදියට හඳුන්වන්නෙත් මේ ගීතයම තමයි.

එක රැයකින් ලෝකෙ පුරාම මිනිස්සුන්ගෙ හිත්වල ජනප්‍රියම ගීතයක් වෙච්ච Kolavery Di සිංදුව කියන්නෙ ධනුෂ්. චිත්‍රපටයෙ රඟපෑවෙත් මිනිහම තමයි.

ඒ වගේම Lady Gaga ටත් තරගයක් එල්ලකරමින් 2-12 CNN හි වැඩිපුරම  Vote කරපු සිංදුව වෙන්නත් මේ ගීතයට හැකියාව ලැබුණා.

ඉතින් මේ අතරෙ සමහර විට ඔයාල අහල තියෙන සිංදු වගේම අහල නැති ගීතත් ඇතිනෙ. අපි අහලම බලමු නේද මේ තරම් ලෝකෙ පුරාම පිස්සුවක් වගේ විහිදෙන්න තරම් මේ සිංදුවල තිබ්බ විශේෂත්වය මොකක් වෙන්න ඇතිද කියල?

එහෙනම් අහල බලල මේ සිංදු අතරින් ඔයාලගෙ හිත ගත්ත ගීත මොනවද කියන එක අපිට කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්නත් එපා!



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here