ලෝකෙ කුඩාම දාම ඝාතකයා, ඉන්දියාවේ අමර්ජීත් සාදා ගැන දැනන් හිටියද?

0
20


ඉන්දියාවේ, මුසහාර් කියන්නෙ දරිද්‍රතාවයෙන් සහ දුෂ්කරතා වලින් පිරිල තිබුණු එක්තරා කුඩා ගම්මානයක්. 

තමන්ගෙ එදිනෙදා ජීවිතේ අත්‍යාවශ්‍ය අවශ්‍යතා සපුරගන්න දවසේ වැඩි වේලාවක් අසාමාන්‍ය විදිහට මහන්සි වෙලා වැඩ කරත් ඉතාම සීමිත වැටුපක් ලබපු මුසහාර් වල මිනිස්සු ඉතාම අසීරු ජීවිතයක් තමයි ගත කරේ. 

ජීවිතේ මොනතරම් අසීරු සහ දුෂ්කර වුනත් ස්වභාවිකව ඔවුන්ට ලැබිල තිබුණු සම්පත් කොයිතරම් සීමිත වුනත් දවසේ අවම ආහාර අවශ්‍යතාවයවත් සපුරා ගන්න නොහැකි වුනත් මුසහාර් ගම්මානයේ අඩු නැතුව දිනෙන් දිනම වර්ධනය වෙන සම්පතක් නම් තිබුණා. 

ඒ තමයි ඔවුන්ගෙ දරු සම්පත.

මුසහාර් ගම්මානය පුරාම ඕනම වෙලාවක එක එක වයස් වල දරුවො දකින්න ලැබුණා. 

ඔවුන්ගෙ සිනහවල්, කතාවල් ඔවුන් එක්ව සෙල්ලම් කරද්දි ඇහෙන සතුටු හඬවල් වලින් මුසහාර් ගම්මානය පිරී ගිහිල්ලයි තිබුණේ. 

මුසහාර් ගම්මානයේ ජීවත් වුණ පවුල් එකිනෙකාට ඉතාම සමීපව ඇසුරු කරා. මේ පවුල් බොහොමයක් ඥාතීන් වුණ අතර ඔවුන් සතුට, දුක, සිනහව, කඳුල එකට එක්ව බෙදාගෙනයි මුසහාර් වල ජීවත් වුනේ.

මේ පවුල් අතර සාදා පවුලත් හිටිය. සාදා පවුල ටිකක් විශේෂ පවුලක්. මොකද සාදා පවුල මුළු ගම්මානය පුරාම විසිරිලා ගිහිල්ලයි තිබ්බෙ. සාදා පවුලට තමන්ගේ ඥාතීන් බලන්න ගොඩක් දුර යන්න අවශ්‍ය වුනේ නෑ. මොනතරම් දුෂ්කරතා මධ්‍යයේ වුනත්, ඕනෙම දේකදි තමන්ගෙ පිහිටට එන ඥාතීන් අතේ දුරින් ඉන්න එක හැම කෙනෙක්ටම ලොකු සහනයක් වගේම ශක්තියක් ගෙනවා. 

අතුරුදහන් වීම් 

මේ හැම කතාවක්ම පටන් ගත්තේ අවුරුදු 06 ක් වුණ සාදා පවුලේ පුංචි හුරතල් ගෑණු ළමයෙක්ගෙ අතුරුදහන් වීමත් එක්කයි. 

ඥාතී සහෝදරයො එක්ක සෙල්ලම් කරන්න ගියපු ඇය සෙල්ලම් කරල ඉවර වෙලා කවදාවත් ආපහු තමන්ගෙ ගෙදර ආවෙ නෑ. 

මේ අතුරුදහන් වීමෙන් කලබලයට පත්වුණ සාදා පවුල මුළු ගම්මානය පුරාම ඇයව හෙව්ව වුනත් ඇය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. පවුල් අතරේ රහස් තියෙනවනෙ. ඉතිං, කුමක් හෝ හේතුවකට මේ අතුරුදහන් වීම අනෙක් ගම්වැසියන්ගෙන් සඟවන්න සාදා පවුල තීරණය කරා සහ ඇය ගැන සොයා බලන එකත් අත හැරල දාන්න තීරණය කරා.

ඊට බොහොම ටික කාලෙකට පස්සෙ සාදා පවුලට තවත් දරුවෙක් ලැබුණ නිසා ඒ ගැන තිබ්බ දුක, කණගාටුව වගේම මතකයත් හෙමින් හෙමින් හැමෝගෙන්ම ඈත් වෙලා ගිහිල්ලයි තිබුණේ. 

ඒත්, මේ අලුත් ගැහැණු දරුව ඉපදිලා දින කීපයක් ගෙවෙද්දි එක්වරම ඇයත් අතුරුදහන් වුණා. 

මේ වතාවෙ නම් වුනේ මොකක්ද කියන කාරණාව ලේසියෙන් අමතක කරන්න සාදා පවුලට හැකිවුනේ නෑ වගේම මේ එක ලඟ සිදුවුණු අතුරුදහන් වීම් ගැන සාදා පවුල ඉදිරිපත් කරපු හේතු පිළිඟන්න ගම්වැසියො එකඟ වුනෙත් නෑ.

මේ අතුරුදහන් වීම් නිසා ඔවුන් කැළඹිලයි හිටියෙ. 

සාදා පවුලේ අසාමාන්‍ය නිහැඬියාව ගම්වැසියන්ට ගෙනාවේ දැඩි කුතුහලයක් වගේම සැකයක්. තමන්ගෙ පවුලෙ ගැහැණු ළමයි දෙන්නෙක් එක්වරම අතුරුදහන් වෙද්දි එහෙම දෙයක් වුනේ නෑ වගේ, ඒ ගැන වචනයක්වත් නොකිය එන්න, කඳුළක්වත් නොහෙල ඉන්න අම්ම කෙනෙක්ට, තාත්ත කෙනෙක්ට, ඥාතියෙන්ට පුළුවන් වෙන්නෙ කොහොමද කියන කාරණාව ඔවුන් නිතරම කතාබහ කරා.

සාදා පවුල ඇතුලෙ යම් දෙයක් සිදුවෙමින් පවතිනව කියල ඔවුන් තීරණය කරේ ඒ නිසයි.

ඊට ටික දිනකට පස්සෙ වර්ෂ 2007 දී මුසහාර් ගම්මානය කළඹවමින් මාස 06 ක තවත් හුරතල් අහිංසක පුංචි දැරියක් අතුරුදහන් වුනා. ඇය නමින් “කුෂ්බු”.  ඇගේ අම්මා තමන් දවසේ සේවයට පිටත්ව යද්දි පුරුදු විදිහටම පුංචි කුෂ්බු ව මුසහාර් ගම්මානයේ ප්‍රාථමික පාසලේ තියලයි ගියෙ. 

ආරක්ෂාව සහ ආදරය හොඳින්ම තියෙන තැනක් කියල අවිවාදයෙන්ම පිළිඟත්ත තැනක් වුනත් තමන්ගෙ දවසේ සේවය අවසානයේ කුෂ්බු ව එක්කන් යන්න ආව ඇගේ අම්මට ප්‍රාථමික පාසලේ හිටපු තමන්ගෙ දුව තවදුරටත් එහි නැතිබව දැකගන්න ලැබුණා. 

ඇසිපිය ගසන වේගයකින් කුෂ්බු අතුරුදහන් වෙලා තිබුණා. 

කුෂ්බු කොහෙද?

හැබැයි කුෂ්බුගෙ අම්ම සාදා පවුලෙ අය වගේ නිහඬව හිටියෙ නම් නෑ.

තමන්ගෙ දුවගෙ අතුරුදහන් වීමෙන් දැඩි කම්පාවට පත්වුණ ඇය මුළු ගම්මානය පුරාම ඇයව සොයමින් දිවගියා. මුණගැහෙන හැම කෙනෙක්ගෙන්ම පුංචි කුෂ්බුව දැක්කද අහන ගමන්ම ඇයව හොයාගන්න උදව් ඉල්ලුව. 

කුෂ්බුගෙ අම්ම වගේම ප්‍රාථමික පාසලේ නිළධාරීනුත් බොහොම කලබලයට පත්වෙලයි හිටියෙ. එච්චර පිරිසක් හිටිය තැනින් කාටත් නොපෙනී කුෂ්බුව අතුරුදහන් වුනේ කොහොමද කියන කාරණාව ඔවුන්ටත් විශාල ගැටළුවක් වුණා. 

ගමේ මිනිස්සු සමඟ කුෂ්බුව හොයමින් ඇවිද්ද කුෂ්බුගෙ අම්මට සාදා පවුලේ සමාජිකයෙන් මුණ ගැහුනෙ ඔය අතරෙදියි. 

කුෂ්බු ගැන අහපු කුෂ්බුගෙ අම්මව මේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක් සමඟ තමන්ට ඉන්න එකම සැකකාරය ගැනත් දැනුවත් කරන්න මුසහාර් ගම්මානය භාර පොලිස් ස්ථානයට එක්කන් යන්න සාදා පවුලේ සමාජිකයෝ තීරණය කරේ තවදුරටත් රහසක් සැඟවීමේ ප්‍රතිඵලයක් නෑ කියල ඔවුන්ට තේරුන නිසයි. 

සැකකරු කවුද?

සාදා පවුලේ සාමාජිකයන්ගෙ ප්‍රකාශයට අනුව සහ කුෂ්බුගෙ අම්මගෙ පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වුණ පොලිසීය මුසහාර් ගම්මානයට ගියා. 

ළමයි පිරිසක් එකතු වෙලා සෙල්ලම් කරමින් හිටිය තැනක නැවතුණු පොලීසිය ඒ ළමයි අතරේ හිටිය බොහොම අහිංසක සහ නිස්කලංක පෙනුමක් තිබ්බ එක පිරිමි ළමයෙක්ව තමන්ගෙ ලඟට අඬගහගෙන හරිම ගැඹුරු නමුත් සරල ප්‍රශ්නයක් ඇහුව.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here