ලොව ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් වැඩිම ප්‍රමාණයක් හිමි රට බවට චීනය පත්ව ඇත.
චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව අද (06) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
ඒ, 1985-2025 චීනයේ ලෝක ස්වාභාවික උරුම ආරක්ෂණ හා සංවර්ධන වාර්තාව නිකුත් කරමිනි.
එම වාර්තාව මගින් චීනයේ ස්වාභාවික උරුමයන් සම්බන්ධව පළමු වරට පූර්ණ ඇගයීමක් සිදු කර ඇත.
චීනය සතුව ඇති සියලු ස්වාභාවික උරුමයන් ඉතා යහපත් තත්ත්වයෙන් ආරක්ෂිතව පවතින බව එහි දැක්වේ.
එම වාර්තාවෙහි දත්තයන්ට අනුව, මේ වනවිට චීනයේ ලෝක ස්වාභාවික උරුමයන් 15ක් මෙන්ම සංස්කෘතික උරුමයන් 4ක් තිබේ.
ඒ අනුව චීනය ලොව වැඩිම ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික වන සම්පත් හා තෘණභූමි පරිපාලන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Saru News










