ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ලොලුව විසින් ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට එල්ල කරනු ලැබූ ප්‍රකාශය සාවද්‍ය බව කියමින් ඒ පිළිබඳ කඩිනමින් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවාSri Lanka Latest News
ඊයේ (04 ) මධ්‍යම රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ගිය ජනාධිපති නීතීඥ උූපුල් කුමරප්පෙරුම හා නීතිඥ අකලංක උක්වත්ත යන අය මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ඒකකය පවසනවා.
තුසිත හලෝලුව නමැත්තා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට කරන ලද සාවධ්‍ය ප්‍රකාශය තුලුන් ජනාධිපතිවරයාගේ කීර්ති නාමයට හානියක් කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබෙනවා.
එමෙන්ම එම ප්‍රකාශය ප්‍රචාරය කරන ලද සමාජ මාධ්‍යවලට එරෙහිවද පියවර ගන්නා ලෙසද පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන බව සඳහන්.
මේ සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගනු ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව නීතිඥ අකලංක උක්වත්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසිය.
Saru FM Media