“ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ” සංජානා ගමආරච්චි! Sri Lanka Latest News

0
14


කලා ලෝකයේ අංකුරයක් පසුගියදා සිය ජීවිතය අලුතෙන් ලියන්න පටන් ගත්තා. ජීවිතයේ ලබපු ඒ ආදරණීය දවස පසුකරමින් කලාවට පෙම් බඳින ඒ සොඳුරු රුවැත්තිය සංජානා ගමාරච්චි විවාහයෙන් පසු නැවතත් ඔස්ටේ්‍රලියාවේ පදිංචියට යයිද? ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළේ මේ විදියට. Sri Lanka Latest News

සංජානා ‘හාට්’ අපි මුලින්ම ඔයාගේ යුග දිවියට සුබ පතනවා…
ගොඩක් ස්තුතියි, ‘මව්රට’ හාට් කලා අතිරේකයෙන් නිරන්තරයෙන්ම මගේ දක්ෂතාවන් අගය කරමින් මගේ කලා තොරතුරු ආදරණීය රසික රසිකාවන්ට දැනගන්න ඉඩ සලසනවාට. ඒ වගේම ‘මව්රට’ පත්තරේ සියලු කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිය පුදකරනවා.
වෙඩින් එකෙන් පස්සේ ගෙවන ජීවිතය කොහොමද?
ගොඩක් සතුටින් කාලය ගතකරනවා. මේ දවස්වල නම් ටිකක් කාර්ය බහුල වෙලා ඉන්නේ. භාරගත්තු ටෙලිනාට්‍ය දෙකක රූගත කිරීම්වලට සම්බන්ධ වෙන නිසා.
දැන් ඉතින් වගකීම් වැඩි නිසා කලාවෙන් ඈත්වෙනවද?
අපෝ නැහැ. මම කලාවට ගොඩක් කැමැතියි. ලොකු කට්ටක් කාලා තමයි මම පඩියක් නැග්ගේ. තව ඉතින් මට දුර ගමනක් මේ ක්ෂේත්‍රයේ යන්න තියෙනවා. ඒ ගමන ලස්සනට යනවා. විවාහ වුණා කියලා කලා ක්ෂේත්‍රයෙන් ඈත්වෙන්න අදහසක් නැහැ.
හදිසියේම ලංකාවට ආවේ විවාහ කටයුතු නිසාද?
ඒකත් එක කාරණාවක්. ඒ වගේම මම බාරගත්තු නිර්මාණ දෙකක වැඩකටයුතු පටන්ගන්න තිබෙන නිසා ඒ වැඩවලට සම්බන්ධ වෙන්නත් එක්ක තමයි ආවේ.
ඒ කටයුතු අවසන් කරලා නැවතත් ඔස්ටේ්‍රලියාවට යනවද?
එහෙම යන්න අදහසක් නැහැ. මම ලංකාවට ගොඩක් කැමැතියි. විවේක වෙලාවට ඇවිදලා එන්න යනවා මගේ හස්බන්ඩ් විහඟ ඔස්ටේ්‍රලියාවේ රාජකාරි කටයුතු කරන නිසා.
විහඟ මොකද කියන්නේ සංජානාගේ රඟපෑම් ගැන?
විහඟ ගොඩක් කැමැතියි මම මේ ක්ෂේත්‍රයේ වැඩ කරන එක ගැන. එහෙම නීති රාමු කොන්දේසි අපි අතර නැහැ. හැම දේම තේරුම් අරගෙන සතුටින් ඉන්නවා.
හිරු මෙගා ස්ටාර් තරගාවලියේ ඔබේ නර්තනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩ දෙනෙක් හිරු මෙගා ස්ටාර් තරගය ගැන තමයි අහන්නේ. මම ගොඩක් ලස්සනට නටනවා කියනවා. මගේ ඩාන්සින් පාට්නර් ඕදාත ඔහුගෙන් ලොකු සහායක් මට ලැබෙනවා. දක්ෂ පාට්නර් කෙනෙක් මට ලැබුණු එක ගැන සතුටුයි.

වසන්ත විතාරණගේ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here