ලොක්කෙක් රජයේ සංවේදී ගිවිසුම් ලේඛන ChatGPT එකට දාලා

0
12

ඇමරිකාවේ සයිබර් ආරක්ෂණ සහ යටිතල පහසුකම් ආරක්ෂණ නියෝජිතායතනයේ (CISA) වැඩබලන ප්‍රධානී මධූ ගොට්ටුමුක්කලා (Madhu Gottumukkala) එරට රජයේ සංවේදී ගිවිසුම් ලේඛන ChatGPT හි පොදු සංස්කරණයකට (public version) ඇතුළත් කිරීම හේතුවෙන් බරපතළ දත්ත කාන්දුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) නිලධාරීන් සිව්දෙනෙකු උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඉකුත් මැයි මාසයේදී දෙපාර්තමේන්තුවට බැඳුණු මෙම ඉන්දීය-ඇමරිකානු නිලධාරියා, ChatGPT භාවිතා කිරීමට ආයතනයේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාර්යාලයෙන් විශේෂ අවසරයක් ඉල්ලා ඇති බවය.

ඒ අනුව ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පළමු සතියේ සිට CISA හි සයිබර් ආරක්ෂණ සංවේදක මඟින් මෙම දත්ත ඇතුළත් කිරීම් සම්බන්ධයෙන් ස්වයංක්‍රීය ආරක්ෂිත අනතුරු ඇඟවීම් කිහිපයක් නිකුත් කර තිබේ.

මොහු විසින් ඇතුළත් කරන ලද ලේඛන රහසිගත (classified) ලේඛන නොවුණත්, ඒවා ‘නිල භාවිතය සඳහා පමණක්’ (For Official use Only) වශයෙන් සලකුණු කර තිබූ සංවේදී ගිවිසුම්ගත ලේඛන බව නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

අඳාළ දත්ත ChatGPT හි පොදු සංස්කරණයට ඇතුළත් කර ඇති බැවින්, ඒවා OpenAI සමාගම සමඟ බෙදා ගැනීමටත්, අනෙකුත් පරිශීලකයින්ට පිළිතුරු ලබා දීමට භාවිතා කිරීමටත් ඉහළ සම්භාවිතාවක් පවතින බව සඳහන්ය.

ඒ අනුව CISA හි මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ මාර්සි මැකාති (Marci McCarthy) පැවසුවේ ගොට්ටුමුක්කල මහතා අවසන් වරට ChatGPT භාවිතා කර ඇත්තේ 2025 ජූලි මැද භාගයේදී බවය.

සාමාන්‍යයෙන් CISA ආයතනය ChatGPT භාවිතය අවහිර කිරීමටයි පියවර ගෙන තිබූ බව සඳහන් වේ.

එසේ වුවත් රජය නවීකරණය කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ අනෙකුත් නවීන තාක්ෂණයන් භාවිතා කිරීමේ අරමුණින්, ස්වදේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (DHS) පාලනයන් යටතේ ඔහුට සීමිත කාලයකට විශේෂ අවසරයක් ලබා දී ඇත.

අඳාළ දත්ත කාන්දුවෙන් රජයේ ආරක්ෂාවට හානියක් සිදුවී ඇත්දැයි බැලීමට DHS ආයතනය වහාම අභ්‍යන්තර සමාලෝචනයක් සිදු කර ඇතත්, පරීක්ෂණ පවත්වන නිලධාරීන් එළඹුණු නිගමනය මෙතෙක් පැහැදිලි නොමැත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here