ලෙඩ රෝග රැසක් සුව කරන උදෑසන පානයට සුදුසු යුෂ වර්ග

0
13


දවස ආරම්භයේ දී අප ලබා ගන්නා බොහෝ ආහාරපාන ඉතාමත් සුවිශේෂී ඒවා වීමෙන් සෞඛ්‍ය වාසි රැසක් අත්පත් වෙනවා.උදෑසන අවදි වීමෙන් පසු හිස් බඩට වතුර වීදුරුවක් පානය කිරීම ඉතාමත් සුදුසුයි.ඊට අමතරව,ඉන්පසු පානයට සුදුසු පාන වර්ග කිහිපයක් පිළිබඳවයි මේ දැනුවත් කිරීම.

බෙලි මල් ඉතාමත් ගුණදායක පානයක් බව අප සියලු දෙනාම දන්නවා.බෙලි මල් පමණක් නොව බෙලි ගසේ සියලුම අංග තම්බා පානය කිරීම ඉතාමත් සුදුසුයි.ඒ වගේම මෙය අපේ පැරැන්නන් අතර ඉතාමත් ජනප්‍රිය පානයක්.
උදරයේ ඇති ආබාධ බොහොමයක් නිවාරණයට බෙලි මල් වලට හැකියාව තිබෙනවා.එහි ඇති ඖෂධීය ගුණය නිසා ම golden apple ලෙසද බෙලි හඳුන්වනවා.

උදේ ඉවුම් පිහුම් කටයුතු සඳහා පොල් ගෙඩියක් බිඳ ගැනීම අපේ බොහෝ ගෘහණියන්ගේ උදෑසන රාජකාරිවලින් එකක්. ඉතින් පොල්ගෙඩිය බිඳීමෙන් පසු ඔබට අගනා පානයක් ලැබෙනවා.ඒ් පොල් වතුර.සිරුරේ අභ්‍යන්තර රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය පොල් වතුර සතු වනවා.ඒ වගේම විටමින් බී ,සී ,ඩී ,යකඩ කැල්සියම්, මැග්නීසියම් ,ආදි පෝෂ්‍ය පදාර්ථයන් රැසක් එහි අඩංගුයි.

උදෑසන හිස්බඩ කෝමාරිකා යුෂ පානය කිරීමෙන් ආහාර මාර්ගය හොඳින් පිරිසුදු වෙනවා.ඒ වගේම පණු රෝග ද සුවපත් කරනවා.රුධිරයෙහි ඇති ඔක්සිජන් පරිමාණය ද වැඩි කර සෛල ශක්තිමත් කිරීමට උපකාර වෙනවා.පෝෂ පදාර්ථ රැසක් අඩංගු නිසා වාසි රැසක් අත්වෙනවා.ඒ වගේම පහසුවෙන් නිවසේ වවා ගැනීමටත් හැකි නිසා අධික මිලක් වැය වන්නේ නැහැ.

උදෑසන සුපුරුදු පරිදි ඔබ පානය කරන තේ හෝ කෝපි හෝ කිරි කෝප්පය වෙනුවට කැරට් යුෂ පානය කිරීමෙන් වාසි රැසක් අත්වෙනවා.
කැරට් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ කිහිපයකින්ම පොහොසත් .ඒ නිසා උදෑසන කැරට් යුෂ භාවිතා කිරීමෙන් ශරීරයට මනා සුවයක් ලැබෙනවා.

ඖෂධීය වශයෙන් මෙන්ම කුළුබඩුවක්
වශයෙන් ද කොත්තමල්ලි නිවසේ ඉතා වැදගත් ස්ථානයක් හිමිකර ගැනීමට සමත් වී සිටිනවා.උණ, සෙම්ප්‍රතිශ්‍යාව සුව කිරීමේ හැකියාව සේම ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය කරවීමේ හැකියාව ද කොත්තමල්ලි සතු වනවා.ශරීරය සිසිල් කිරීමේ ගුණයෙන් යුතු කොත්තමල්ලි,තරමක් කබලේ බැද වතුර දමා තම්බා පානයක් සාදා ගැනීමට පුළුවන්.උදෑසන පානය කිරීමටද ඉතාමත් ගුණදායකයි.

දිනකට දෙවරක් රණවරා බීම පාවිච්චි කරනවා නම් ඔබට මනා සුවයක් අත්වෙනවා.වැඩිපුර පානය කිරීමෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් ඇති වන්නේ නැහැ.රණවරා පානය කිරීම නිසා සම පැහැපත් වන අතර ශරීරය නිරෝගී වෙනවා.ලේ පිරිසිදු වෙනවා.සිරුර සිසිල් කිරීමේ හැකියාව මෙම පානය සතුයි.

ඉතින් ,උදෑසන අවදි වී අපට සුපුරුදු තේ, කෝපි හෝ කිරි පානයන්ගෙන් තොරව ඉහත සඳහන් ඔසු ගුණයෙන් යුතු පානයන් අපගේ දෛනික ජීවිතයට ඇතුළත් කර ගැනීමේ හැකියාව අප සතුයි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here