ලුණු ටිකවත් හරියට දීගන්න බැරි ආණ්ඩුවක්! ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’! සජිත් කොළඹ මල්ලිකාරාම නිවාස සංකීර්ණයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

0
7


මේ වන විට රටේ ජනතාව දුක් ගැහැට රැසක් මැද ජිවත් වන බවත් ආදායම් මාර්ග කඩා වැටී හරියාකාර ජීවනෝපායක් ක්‍රියාත්මක නොවන නිසා ජනතාවගේ අතට ලැබෙන ආදායම අඩු වී බඩු මිල ඉහළ යන බවත් හාල්, කිරිපිටි, පොල් මිල ඉහළ ගොස් ඇති මොහොතක රටේ ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් රජයට දී ගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ අකාර්යක්ෂම, අදක්ෂ, වැඩබැරි ආණ්ඩුවක් බවත් මොවුන් කතාවට අතිශයින් දක්ෂ වුවත් ජනතා ප්‍රශ්නවලට උත්තර, විසඳුම් මොවුන් සතුව නොමැති බවත් මේ වන විට විපක්ෂයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අයිතියක් නොමැති බවට තර්ජනය කරමින් යන බවත් පවතින ඡන්ද ක්‍රමය තුළ ජනතාව ලබා දුන් ඡන්දය අනුව විපක්ෂයට ද බලය පිහිටුවන්න අයිතියක් ඇති බවත් එම නිසා ලුණු ටිකවත් හරියට සපයා ගන්න බැරි ආණ්ඩුවේ තර්ජනවලට සමගි ජන බලවේගය බිය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ‘ගමින් ගමට නගරයෙන් නගරයට උදාගමින් උදාගමට’ වැඩසටහන යටතේ කොළඹ ‘මල්ලිකාරම නිවාස සංකීර්ණයේ’ ජනතාව සමග පැවැති ජන හමුවකදීය.

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න බලය පිහිටුවන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ සමගි ජන බලවේගය ගන්නා බවත් විපක්ෂයට බලය ගියොත් උපරිම තිබෙන්නේ මාස 3යි 4යි යනුවෙන් කටකතා පතුරවා, ප්‍රචාරය කර විපක්ෂය අඩපණ කළ නොහැකි බවත් මේ රජය දැන් විපක්ෂය විනාශ කරන්න නොයෙකුත් උපක්‍රම යොදන බවත් ඒවාට සමගි ජන බලවේගය හසු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසිය.

ආණ්ඩුවට කරන්න බැරි දේ විපක්ෂයේ අපි කරල පෙන්වන්නම්

ආණ්ඩුවට කරන්න බැරි දේ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන හරහා සිදු කර ජන දුක නිවාලන්න කටයුතු කරන බවත් වත්මන් රජය කතාවෙන් කයිවාරුවෙන් පමණක් නොව බොරුව මුසාවෙන් මුලාවෙන් ජනතාව රැවැට්ටුවත් සත්‍යයෙන් ප්‍රායෝගික යථාර්ථයෙන් සංවර්ධනයෙන් ජනතාවට ශක්තියක් වීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් මැතිවරණ වේදිකාවේ රැස්වීම්වල දුටුවත් සමගි ජන බලවේගය ඡන්දය අවසන් වු පසුත් දේශපාලනඥයන්ගේ සැබෑ යුතුකම හා සැබෑ වගකීම ඉටු කරන බවත් ඡන්දයෙන් පසුත් ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඒ ගැටලු කෙරෙහි රජයේ අවධානය යොමු කරවිමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here