නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW:
පකිස්තානය සහ ඉන්දියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී මෙරටදී තරග නොකරනු ඇති බවට වූ ප්‍රවෘත්තිය වෙනස් කිරීමට දැන් හැකියාව ලැබී ඇත.ඒ එම තරග වැදීම ප්‍රතික්ෂේප කළ පකිස්තානයේ කැමැත්ත ඒ සඳහා ලැබී ඇති බැවිනි.
මේ තරගය පැවත්වෙන බවට ප්‍රචාරය වීමත් සමඟ බොහෝ දෙනෙකු එහි වගකීම තම් වෙත පවරා ගනිමින් සිටින බවක් පෙනෙන අතර එවැනි තරග වැදීමේ ඉල්ලීමක් ප්‍රකාශ කළ බවට වාර්තා වූවේ ශම්මි සිල්වා සම්බන්ධයෙන් පමණි.කවුරු අත් ඔසවා තමන් කළ බව කීවද එයින් පියවෙන්නේ ශ්‍රී ලංකාවට අත්වෙන්නට තිබුණ විශාල පාඩුවක් බැවින් ශ්‍රී ලාංකිකයන්ට මේ ගැන සතුටු විය හැකිය.
අයිසීසී ය ද මේ ගැන ත්‍රී පුද්ගල සාකච්ඡාවක නිරත වී ඇත. බංගලාදේශ ක්‍රිකට් සභාපති අමිනුල් ඉස්ලාම් සහ ICC අධ්‍යක්ෂ ඉම්රාන් කවාජා සහ පකිස්තානු සභාපති මොෂින් නක්වි මේ සාකච්ඡාව කර ඇත්තේ ලාහෝර් හී දී ය.බංගලාදේශයට තරග වර්ජනය වෙනුවෙන් දඩ පැනවීමේ ඉඩ ද බොහෝ සෙයින් එම සාකච්ඡාවේදි ඉවත් කර ගැනීමට ඉඩ පෑදී ඇත.
කෙසේ වුව ද ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ ද පකිස්තානු ජනාධිපති සාකච්ඡා කර තිබෙන බව පෙන්වා දෙන්නේය.එම සාකච්ඡාව ගැන මෙන්ම ත්‍රී පුද්ගල සාකච්ඡාව ගැන මෙන්ම එක්සත් අරාබී එමීර් ක්‍රීකට් සහ ශ්‍රී ලංකා ක්‍රීකට් මේ ගැන කරන ලද මැදිහත්වීම ද එහිදී ක්‍රික්ඉන්ෆෝ වාර්තා කර පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවට මෙම තරගය නොපැවත්වීම නිසා වන හානිය සහ පකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා විවිධ ආරක්ෂක ගැටළු තිබියදී ශ්‍රී ලංකාව සහභාගි වෙමින් දුන් සහය ද පකිස්තානට සිය තීරණය වෙනස් කිරීම වෙනුවෙන් සංවේදී විය යුතු කාරණයක් වන්නට නොහැකිය.
අයිසීසී ය වෙනුවෙන් ත්‍රී පුද්ගල සාකච්ඡාවේදී පළපුරුදු පාළකයෙකු වන කවාජාගේ හැසිරීම ද පළපුරුද්ද මත පදනම් වූ සංවේදී සහ නමනීය එකක් වන්නට ඇත.ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව සියල්ලටම පකිස්තානු – ඉන්දීය තරගය ශ්‍රී ලංකාවේ පැවත්වීම සතුටුදායි සහ ලංකාවේ ආර්ථිකය බල ගන්වන එකක් වනු ඇත.මේ වන විට ශම්මි සිල්වා සහ ඹ්‍රී ලංකා ක්‍රිකට් පකිස්තානු සහභාගීත්වයේ පූර්ණ අයිතිය වෙනුවෙන් අයිතිවාසිකම් කියමින් නිවේදන නිකුත් කර නැත.එහෙත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අයිසීසී ය තමන්ගේ කීමට පකිස්තානය සහභාගි වෙන්න තීරණය කළ බව කියා ඇත.ක්‍රික්ඉන්ෆෝ සටහනට අනුව මේ මල් වට්ටිය පිරී ඇත්තේ තනිව කඩපු මල්වලින් නොවේය.ඒ නිසා දායක වූ සැමගෙන් සිඳු වි ඇත්තේ රටේ ආර්ථිකය සුවඳවත් කිරීමට දායකවීමක්ය.ඒ හැමටම අපි සුබ පතමු.!
Saru News










