”ලියාපදිංචි නොවී ඖෂධ ගෙන්වීම වැඩිවෙලා”

0
6

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි (NMRA) ලියාපදිංචි නොවී වරාය හා ගුවන් තොටුපොළ හරහා මෙරටට ඖෂධ ගෙන්වීම බරපතළ ලෙස ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය කියයි.

මේ හේතුව මත ප්‍රමිතිය නොමැති ඖෂධ රට තුළට එන බවටත් ඇතැම් පාර්ශ්ව සමාගම්වල අතරමැදියන් හරහා වෙළෙඳ පොළට ඒවා යොමු කරන බවටත් තොරතුරු ලැබී ඇති බවද ඔහු කියා සිටී.

මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැමිණිලි කළත් එම තත්ත්වය වළක්වා ගැනීමට රජය හෝ අදාළ නිලධාරීන් මෙතෙක් පියවර ගෙන නැතැයිද එම සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව කියා සිටී.

කල් ඉකුත් වූ හෝ කල් ඉකුත්වීමට ආසන්නව තිබෙන ඖෂධ බැගේජ් ක්‍රමයට මෙරටට ගෙන්වා පිළිගත් වෙළෙඳ නාමයන් යටතේ යළි නව ලේබල් අලවා අලෙවියට යවන බවට තොරතුරු වාර්තා වී ඇතැයිද ඔහු පවසයි. 

මේ පිළිබඳව වහා සොයා බලන ලෙසත් රජයේ ඖෂධ සැපයුම නිසි පරිදි සිදුනොවීම නිසා මෙයාකාරයට ඖෂධ ආනයනය ජවාරමක් ක්‍රියාත්මක වන බවද වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here