රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :
අද දිනයේ (28) ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවක් දිවයිනට ලගාවීමට නියමිත බව ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි නලින්ද කුරුකුළසුරිය පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, ගෑස් තොගය අද (28) මධ්‍යම රාත්‍රියේ සිට බෙදාහැරිමට කටයුතු කරන බවයි.
මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇතැයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේය. එම ගෑස් තොගයත් අද(28) පෙරවරුවේ සිට බෙදා හැරිම් සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසන අතර, ලිට්‍රෝ සමාගම දෛනිකව වෙළඳපොළට මුදා හරින නිෂ්පාදන ගෑස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1700ක් බවද සඳහන් වේ.

The post ලාෆ්ස් සමාගමෙන් දැනුම් දීමක්! appeared first on LNW Sinhala.
Saru News













