Saffron crocus කියන්නේ ඉතාම වටිනා ඖෂධීය ගුණ රැසක් සැඟවුණු පුෂ්පයක්. මේ පුෂ්පයේ විද්‍යාත්මක නාමය වෙන්න් Crocus stivus. මේ ශාකය මධ්‍යම ආසියාවට ආවේනික ශාකයක් වන අතර ,වර්තමානය වෙද්දී ලොව විශාලම සැෆ්රන් නිෂ්පාදකයා ලෙස සැලකෙන්නේ ඉරානයයි.රූපලාවණ්‍ය කටයුතු වලට සහ පැහැපත් කර ගැනීම වෙනුවෙන් භාවිතා කරන්නේ මේ සැෆ්රන් පුෂ්පයේ රේණුයි. දැනට ලොව ඇති මිල අධිකම කුලු බඩුවක් විදිහටත් සැෆ්රන් හඳුන්වන්න පුළුවන්. බොහෝ කාන්තාවන් සම පැහැපත් කරගැනීම සඳහා මෙය කිරි සමඟ මිශ්‍ර කර පානය කරනවා. ඒ වගේම දිනකට ඔබට සැෆ්‍රන් භාවිතයට ගත හැක්කේ ග්‍රෑම් 1.5 ක් පමණයි.අධි මාත්‍රාවෙන් සැෆ්‍රන් භාවිතා කිරීම මගින් යම් ආසාදන තත්වයන් වලට ලක් වන්නට හැකියාව තියෙනවා.
සැෆ්‍රන් මගින් සමේ ඇති මෙලනින් වර්ණකය අඩු කරනවා.ඒ නිසා සම පැහැපත් වෙනවා.බොහෝ දෙනා කිරි සමඟ සැෆ්‍රන් පානය කරන්නේ මේ හේතුව නිසායි
මෙම පැක් එකට අප ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය කීපයක්ද , සම වර්ගය අනුව විශේෂිත අමුද්‍රව්‍ය ද යොදාගන්නවා.ප්‍රධාන වශයෙන් ,
සැෆ්‍රන්
සම පැහැපත් කරමින් ලප කැළැල් අවම කරයි
කිරි
සම වියපත් වීම වළක්වා සමට අවශ්‍ය තෙතමනය ලබා දෙමින් සමෙහි ඇති මැරුණු සෛල ඉවත් කරයි
මී පැණි
සමෙහි ඇති අනවශ්‍ය තෙල් පාලනය කරමින් සමට අවශ්‍ය තෙතමනය ලබා දෙයි.ලප කැළැල් ඉවත් කරමින් සම පැහැපත් කිරීමද සිදු කරයි
කස්තුරි කහ
ඉතා හොඳ විෂබීජ නාශකයක් ලෙස සමෙහි ක්‍රියා කරමින් කුරුලෑ ඇතිවීම පාලනය කරයි.ස්වාභාවික දීප්තිමත් බවක් සමට ලබා දෙයි
අවශ්‍ය වෙන්නෙ මේ දේවල්
විශේෂ අමුද්‍රව්‍ය ලෙස ,
අල මඟින් පිග්මන්ටේශන් සුව කරන අතර ,සම සුමුදු කරයි.එමෙන්ම සමේ අවපැහැගැන්වීම් දුරු කරමින් සම පැහැපත් කරයි
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
විශේශ අමුද්‍රව්‍ය ලෙස,
සම පැහැපත් කරමින් වියළි සමට අවශ්‍ය පෝශණය ලබා දෙයි.හිරු කිරණින් සමට වන හානි අවම කරයි
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
විශේශ අමුද්‍රව්‍ය ලෙස,
සමෙහි තෙල් ගතිය පාලනය කරමින් සම පැහැපත් කරයි
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
විශේශ අමුද්‍රව්‍ය ලෙස,
කැරට් මගින් සමට ස්වාභාවික රන්වන් පැහැයක් ලබා දෙන අතර සමේ බොහො ගැටලු වලට විසඳුම් ගෙන දෙයි
ඔබේ සම අනුව මේ අමුද්‍රව්‍ය එක් කර ඔබට පැක් එකක් සකස් කරගන්න පුලුවන් .
මුලින්ම මුහුණ හොඳින් පිරිසිදු කර මෙම පැක් එක ගල්වා විනාඩි 20 – 30 ත් අතර කාලයක් තබා කවාකාරව පිරිමදිමින් මුහුණ පිරිසිදු කරගන්න
ඉන්පසුව අනිවාර්යයෙන්ම මුහුණට toner එකක් ආලේප කරන්න
ඉතින් ඔබ saffron පානය කරන්න අකමැති කෙනෙක් නම් මෙන්න මේ විදියට face pack එකක් ආකාරයෙන් ඔබට සැෆ්‍රන් භාවිතා කරලා පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්
Saru FM Media