රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළ, කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 05/10 දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. Sri Lanka Latest News
මොවුන් කොළඹ අවට ප්‍රදේශයන්හි , එනම් වැල්ලම්පිටිය , දෙමටගොඩ , බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන තරුණයන් පිරිසකි .
මොවුන් 05/10 දින රාත්‍රී 09.50 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් හරිත මාවත ඔස්සේ , ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර , ඔවුන් සිය ගමන් මලු 20 ක් තුළ අසුරා ගෙන තිබූ , විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි ලක්ෂ 04 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000 ක තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .


Saru FM Media