ශ්‍රී ලංකාවේ අර්ථික වර්ධනය 2025 වසර තුළ 5%ක වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ 2025 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) වර්ධන වේගය 5%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවය.
පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහිදී කර්මාන්ත අංශය කැපී පෙනෙන ප්‍රගතියක් වාර්තා කර තිබේ.
එම වාර්තා අනුව කර්මාන්ත අංශය 7.8%ක, සේවා අංශය 3.3%ක සහ කෘෂිකාර්මික අංශය 1.4%ක ලෙස සැලකියයුතු වර්ධනයක් පෙන්නුම් කෙරේ.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් අත්කරගෙන ඇති බව එම වාර්තාවල දැක්වේ. විශේෂයෙන්ම 2025 වසරේ සිව්වන කාර්තුව තුළ පමණක් 4.8%ක වර්ධනයක් වාර්තා වී ඇති අතර, එය වසර අවසානයේ ආර්ථික ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන සෘජු සාධකයක් බව දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
දිට්වා ආපදා තත්වයේ බලපෑම හේතුවෙන් හතරවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය අඩු වීමට ඉඩ තිබුනද එම බපෑම මගහැර යමින් 2025 වර්ෂ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5%ක පවත්වා ගැනීම වත්මන් ආණ්ඩුවේ මනා ආර්ථික කළමනාකරණයේ දක්ෂතාවය මුළු ලොවටම කියාපාන්නකි.
1
Saru News
















