දිනකට තවමත් අට දෙනෙක් ලංකාවේ සියදිවි නසා ගන්නා බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය සජීවන අමරසිහ මහතා පැවසීය.
එසේම වසරකට 3200 ක් පමන ලංකාවේ සියදිවි නසා ගන්නා බවද ඔහු කීවේය.
එහෙත් මේ වන විට ලොකයේ සියදිවි නසා ගැනීම් අතින් ලංකාව 21 වැනි ස්ථානයට අඩු වී ඇති බවත් වර්ෂ 1996 දී පමණ ලංකාව සියදිවි නසා ගැනීම් අතින් අංක එක හෝ දෙක තරම් ඉහල මට්ටමක සිටි බවත් ඔහු කියා සිටියේය.
ලංකාවේ සියදිවි නසා ගැනීම් වැඩි වීමක් සිදුව නැති බවත්, සියදිවි නසා ගැනීම් අතින් ලංකාව සිටින්නේ මැද හරියේ බවත් ඔහු කියා සිටියේය.
ඔහු මේ බව කීවේ අද (29) අංගොඩ, ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දී පැවැති මාධ්‍ය වැඩමුළුවකදීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
Saru FM Media