ලංකාවට රුසියාව, චීනය හා ඉන්දියාව යන රටවල් තුනෙන්ම තෙල් ලැබෙන්න යන බව විජිත කියයි

0
8

ඉන්ධන ලබා ගැනීමට රුසියාව, ඉන්දියාව සහ චීනය සමග පවත්වන සාකච්ඡා සාර්ථක ලෙස ඉදිරියට යමින් තිබෙන බව විදේශ ඇමැති විජිත හේරත් පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) පැවසීය.

කොළඹ වරාය නගර කොමිෂන් සභාව පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට අදාළ විවාදයට එක් වෙමින් මේ බව කී ඇමැතිවරයා මෙසේ ද කීවේය.

රටට වාසිදායක ලෙස සමබරව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අපි කටයුතු කරගෙන යනවා. අද රුසියාවේ මැදිහත්වීම තිබෙනවා. රුසියානු තානාපතිවරයා සමග සාකච්ඡා කොට ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට යනවා. ඒ වගේම ඉන්දීය විදේශ ඇමැතිවරයා සමගත් තෙල් ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම චීනයත් අපේ රටට උදව් කරන්න සූදානමින් ඉන්නවා. උද්ගතව පවතින තත්ත්වය නිසා අපේ සංචාරක කර්මාන්තයට බලපෑමක් සිදුව තිබෙනවා. ඒ වගේම විදේශ රැකියා සඳහා යාමේ ගැටලු තිබෙනවා. අපේ හෝටල් කාර්මාන්තයට ගැටලු ඇතිව තිබෙනවා. අපේ නිෂ්පාදකයන්, අපනයනකරුවන් යම් යම් ගැටලුවලට මුහුණ දී සිටිනවා. මේ ගැටලුවලට මුහුණ දෙන්න අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටිනවා.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here