රුසියානු ජාතික කාන්තාවක් සතුව තිබූ රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් සොරා ගත් පුද්ගලයෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ විදෙස් කාන්තාව විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව සිදුකළ විමර්ශනයේදී මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී අදාළ කාන්තාවගේ ජංගම දුරකථනයද මෙහිදී පොලිස් භාරයට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බවය.
Saru News








