රේල් හයික් එකක් යමු ද?

0
10


සාමාන්‍යයෙන් කොල්ලො කෙල්ලො එකතු වුණාම ටිකක් වෙනස් විදියේ ට්‍රිප් යන්න කැමතියි. හැමදාම යන ට්‍රිප් නැතුව රේල් හයික් එකක් යන්න හිතෙනවා නම්, ඒකට හොඳම රූට්ස් තමයි මේ..

 

මේ රූට් එකේ යන විට ඔහිය මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර ගන්න. මේ පාර පිහිටන්නේ හෝර්ටන්තැන්න අභයභූමිය හරහා. අවසර නැතුව යාම තහනම්. සංවේදී කලාපයක් හරහා යා යුතු නිසා අවසර ගන්න ටිකක් අපහසු බවත් මතක තියා ගන්න. මේ මාර්ගයේ බිංගෙවල් දාහතරක් තිබෙනවා. වැඩිම බිංගෙවල් ප්‍රමාණයක් ඇත්තේ මේ ස්ටේශන් දෙක අතර නිසා අවදානමත් ටිකක් ඉහළයි.

 

පට්ටිපොල මාර්ග පරීක්ෂක කාර්‍යාලයෙන් අවසර අරන් හොඳ සිහියෙන් යා යුතු හයික් එකක් මේ.

 

ඇල්ල ස්ටේශන් එකේ මාර්ග පරීක්ෂා නිලධාරියාගෙන් අවසර ගන්න.ආරුක්කු නවයේ පාලම, දෙමෝදර රේල් ගැටය බලන්න පුලුවන්.පරිසර සුන්දරත්වය ඇති වෙනකම් විඳින්න පුලුවන් ගමනක් මේ.

 

කිලෝමීටර් විසි පහක ගමනක්.. ලංකාවේ ස්ටේශන් දෙකක් අතර වැඩිම දුරක් තියෙන්නෙ මේ ස්ටේශන් දෙක අතර. මේ හරහා යන විට වනෝද්‍යාන දෙකක් පහු කරන්න වීම නිසා වන සතුන්ගෙන් පරිස්සම් වෙන්න. කවුඩුල්ල  වනෝද්‍යානය හරහා කිලෝමීටර් දොලහකුත් සෝමාවති​ය වනෝද්‍යානය හරහා කිලෝමීටර් දහයකුත් සහිත අපූරු හයික් එකක් තමයි මේ.

 

ඈතින් රිටිගල කන්ද බලමින් යන්න පුලුවන් අපූරු ගමනක්.

කුරුණෑගල සිට කිලෝමීටර් විසි එකක් දුර ගනේවත්තට යන්න පුලුවන්. ආඳා ගල, යක්දෙස්සාගල, දැදුරුඔය පාලම වගේම ගල්ගුහා බලමින් යන මේ ගමන ටිකක් අව්ව වැඩි හයික් එකක් කියලා අමතක කරන්න එපා.

 

-නිබන්ධිකා-



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here