රුමේනියා – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා  තවදුරටත් ශක්තිමත් කෙරේ

0
4

රුමේනියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ(02) රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍ය Oana Toiu මහත්මිය හමුවිය.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1957 දී ආරම්භ වී ඇති අතර එම සබඳතාවල 70 වන සංවත්සරය 2027 වසරට යෙදී තිබේ.

අමාත්‍යවරුන් දෙපළ මෙහි දී දෙරට අතර පවතින විශිෂ්ට ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර දක්වා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කර ඇති අතර පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද අමාත්‍යවරයා රුමේනියාවේ විදේශ කටයුතු අමාත්‍යවරියට ආරාධනා කර තිබේ.

අනතුරුව අමාත්‍ය Toiu සමඟ එක්ව රුමේනියානු මාධ්‍ය අමතමින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට ද අමාත්‍යවරයා එක් විය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here