රිළවු මාතලේට

0
4

මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට මේ වන විට භූමියක් හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

ජලය, ආහාර, ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මේ මධ්‍යස්ථානය ඉදි කිරීමට තෝරා ගෙන ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි.

රිළා රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙන අතර මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද ඒ සඳහා ලැබී ඇතැයි පැවසේ.

මැලේසියාව ඇතුළු රටවල් කීපයක මෙවැනි රැඳවුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන බව එම කමිටුවේදී වන ජීවී අඩවි ආරක්ෂක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසා තිබේ.

රැඳවුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද වාර්තා වේ.

හානි කර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හැරීමට පියවර ගැනීමටත් ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමටත් තීරණය කර ඇත.

ගාල් කෙරෙන රිළවුන් යළි පරිසරයට පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදි කිරීමට නියමිත බවද පැවසේ. 

තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීමට තීරණ කර ඇති බවත් සඳහන්ය. 

එක් රිළවකු සඳහා දිනකට ග්‍රෑම් 70 ක ආහාර ප්‍රමාණවත් බවද පැවසේ.

මූලාශ්‍රය – දිවයින

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here