රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක්  තැපෑලට යොමු කෙරේ

0
4

රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තවත් රියදුරු බලපත්‍ර ලක්ෂයක තොගයක් මුද්‍රණය කිරීමට පවතින බව එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා  සඳහන් කළේය.

ඒ අනුව වේරහැර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික් කාර්යාලවලින් ද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවත්, මේ වන විටත් ලැබී ඇති අයදුම්පත් සඳහා ද රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8 ක් මෙරටට ආනයනය කර තිබේ.

තවත් කාඩ්පත් ලක්ෂ 10 ක් පමණ ආනයනයට ටෙන්ඩර් විවෘත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here