රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය හෙට

0
14

මෙරට ජනතාවට ගුණාත්මක සහ ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමූණ පෙරදැරිව සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙලට අනූව  රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා 213 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු සූදානම් කර ඇත.

එම පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්  හෙට (27) දින උදෑසන 9.30 ට කොළඹ පදනම් ආයතනයේ  දී සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය පසුගිය 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබු නමුත් එම තරඟ විභාගය පවත්වන ලද්දේ 2025 වසරේ දීය.

එම තනතුර සඳහා  226 දෙනෙකු බඳවා ගැනීමට අනුමැතිය ලැබී තිබු අතර, විවෘත  තරඟ විභාගය අනූව සුදුසුකම් සපුරන ලද  246 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා භාජනය කර ඉහත 213 දෙනා එම තනතුර සඳහා තෝරා ගෙන ඇත.

රාජ්‍ය සෞඛ්‍ය කළමණාකරණ සහකාර තනතුර සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617 ක් වන අතර, 1,906 ක පිරිසක් මේ වන විට සෞඛ්‍ය සේවාවේ නිරත වේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here