විදුහල්පති සේවයේ මෙන්ම රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර ගණනාවක පවතින වැටුප් විෂමතාවයන් වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා වැටුප් කොමිසමක් මෙම වසරේ ස්ථාපිත කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
අද (06) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඇය පැවසුවේ එම කොමිසම හරහා රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සඳහා තිරසාර විසඳුමක් ලබා දීමට අපේක්ෂා කරන බවය.
එහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
“විදුහල්පති සේවයේ පවතින වැටුප් විෂමතාවය පිළිබඳව අපි දීර්ඝ සාකච්ඡා අරගෙන තියෙනවා විදුහල්පති සංගම් සහ විදුහල්පතිවරුන් අතරත්. අපි මේ විෂමතාවය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරමින් යම් විසඳුමක් සොයන්න අපි උත්සාහ ගනිමින් ඉන්නේ. රජයේ ප්‍රතිපත්තිය හැටියට වැටුප් කොමිසමක් පත් කරන්න නියමිතයි මේ අවුරුද්දේ. ඒ වැටුප් කොමිසම හරහා තමයි අපිට තිරසාර විසඳුමක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. පහුගිය කාලේම වැටුප් වර්ධක සිද්ධ වෙලා තියෙන විදිහත් එක්ක අධ්‍යාපන ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි ක්ෂේත්‍ර ගණනාවක අර්බුද විෂමතා ඇතිවෙලා තියෙන නිසා මේකට තිරසාර විසඳුමක් අවශ්‍යවන නිසා තමයි වැටුප් කොමිසම හරහා මේකට විසඳුමක් සොයා දෙන්න අපි උත්සා කරන්නේ. වැටුප් කොමිසමට විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන් අපි යෝජනා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
Saru News













