රාජ්‍ය නැකැත් සීට්ටුව අද මහ නාහිමිවරුන් වෙත

0
4

රාජ්‍ය නැකැත් සීට්ටුව අද (17) මහ­නා­හි­මි­ව­රුන් වෙත ඉදි­රි­පත් කර අන­තු­රුව මහ­ජ­න­තාව වෙනු­වෙන් එළි­දැ­ක්වන බවත් බුද්ධ­ශා­සන සංස්කෘ­තික හා ආග­මික කට­යුතු අමාත්‍ය හිනි­දුම සුනිල් සෙනෙවි මහතා පවසයි.

සිංහල දෙමළ අලුත් අවු­රුද්ද සඳහා ඒකා­බද්ධ අලුත් අවු­රුදු නැකැත් සීට්ටු­වක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට නැකැත් කණ්ඩා­ය­ම­වල එක­ඟ­තාව පළවූ බව අමාත්‍යවරයා ඊයේ (16) දිනයේ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මීට කලි­නුත් සංස්කෘ­තික කට­යුතු දෙපා­ර්ත­මේ­න්තුව හෙළි­කර තිබූ පරිදි මේ පිළි­බඳ යම් කාල­යක් පුරා මේ සාකච්ඡා පැවැ­ත්වුණා. ප්‍රධාන වශ­යෙන් කණ්ඩා­යම් දෙකක් දීර්ඝව සහ­භාගි වුණා. මේ අතර බොහොම සුප්‍ර­කට ලිත් පළ­ක­රන කණ්ඩා­ය­මක් සහ ඊට පරි­බා­හිර කණ්ඩා­ය­ම­කුත් හිටියා. මේ පිළි­බඳ සෑහෙන කාල­යක් පුරා අපි සාකච්ඡා පව­ත්වනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ නැකැත් මුල් කර­ගෙන තමන්ගේ ජන ජීවි­තය ගත කරන ආද­ර­ණීය ජන­තා­වක් වගේම ආගම දහම මුල් මුල්ක­ර­ගෙන ජීව­ත්වෙන ජන ප්‍රජා­වක් සිටි­නවා. ඒ නිසා රජ­යගේ වග­කීම වන්නේ ඒ අයගේ විශ්වා­ස­යන්ට ගරු කරලා ඒවා සුරක්ෂා වෙන ආකා­ර­යට ඇව­තුම් පැව­තුම් ඉදි­රි­යට ගෙන­යන්න පුළු­වන් විදි­හට ජන­තා­වට ඒ පහ­සු­කම් සලසා දීමයි. අප ඉතාම ඉව­සී­මෙන් මේ සියලු සාකච්ඡා මෙහෙ­ය­වූයේ මේ පරම වුව­ම­නාව මුල් කර­ගෙ­නයි. ඒ අනුව පසු­ගිය සාකච්ඡා වාර හත­ර­කින් පසු අව­සන් සාක­ච්ඡා­ව­කට එළ­ඹෙන්න පුළු­ව­න්කම ලැබුණා.
රජය හැටි­යට මගේ ගෞර­වය ප්‍රධාන කණ්ඩා­යම් දෙක­ටම හිමි­ක­රන්න කැම­තියි. අපේ රටේ ජන­තාව අවි­නි­ශ්චි­ත­තා­ව­කට පත් කරන්නේ නැතුව තමන්ගේ රුචි අරු­චි­කම් සහ නැකැත් අනුව සංස්කෘ­තික මූල­ධර්ම අනුව කට­යුතු කිරී­මට අව­ස්ථාව සැල­සෙන ආකා­ර­යට ඒකා­බද්ධ නැකැත් සීට්ටු­වක් සකස් කරලා දෙන්න ගෞර­ව­නීය කණ්ඩා­යම් දෙකම එකඟ වුණා. ඒ අනුව අලුත් අවු­රුද්ද සම්බ­න්ධ­යෙන් රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ඒකා­බද්ධ නැකැත් සීට්ටු­වක් ජන­තා­වට භාර දෙන්න කැමති වුණා. එබඳු එක­ඟ­තා­ව­කට පැමි­ණීම පිළි­බඳ ඒ කණ්ඩා­යම් දෙක­ටම අපේ ගෞර­වය අප පළ කර­නවා.
තම තමන්ගේ ශාස්ත්‍ර ඥානය, කාලා­න්ත­ර­යක් තිස්සේ කළ පර්යේ­ෂණ සියලු දේවල් දරා­ගෙන සම­හර කාර­ණා­ව­ලට අඩු වැඩි වශ­යෙන් එක­ඟතා සහ වාද විවාද තිබුණා. නමුත් ඒ අය ඉතාම ගෞර­ව­නීය විදි­හට අපේ රටේ ආද­ර­ණීය ජන­තා­වට ඒකා­බද්ධ අලුත් අවු­රුදු නැකැත් සීට්ටු­වක් ප්‍රදා­නය කරලා දෙන්න කැමති වුණා.”

📌 සබැඳි පුවත්

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here