පොලිස් අධිකාරීවරයෙකු ලෙස සිටිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් නීති විරෝධීව ක්‍රියා කළ රාජපක්ෂලාගේ සමීපතම පොලිස් නිලධාරියෙකු පිළිබඳව මේ වනවිට දිනපතා පැවැත්වෙන පාස්කු ඉරිදා ප්‍රහාය පිළිබඳ නඩු විභාගයේදී හෙළි වී ඇත.
පොලිස් අධිකාරීවරයෙකු ලෙස සිටි කාවින්ද පියසේකර එම නඩු විභාගයේ 04 වෙනි වගඋත්තරකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. එම ප්‍රකාශය ලබා ගත් නිලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර යනුවෙන් නිල සහතික කිරීම කර ඇත. මේ බව අනාවරණය වූයේ ඊයේ (12) ත්‍රිපුද්ගල මහ අධිකරණය පැවති නඩු විභගායේදීය.
ගෝටාබය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇතුළු එහි සේවය කළ 704 දෙනෙකු දේශපාලන පලිගැනීමට යටත් කරනු ලැබීය. ඉන් පසුව එම දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න පත්කරන ලද අතර ඔහු මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන පොලිස් ආරක්ෂකයා ලෙස සිටි නිලධාරියාය. මොහු යටතේ සේවය කළ කාවින්ද පියසේකර මෙලෙස ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී යන තනතුර ආරූඩ කරගෙන සිටියේය.
1
Saru News










