2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු රිය අනතුරකට ලක් කර, බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම ඇතුළු චෝදනා 16ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු දිලුම් තුසිත කුමාර සහ එවකට වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩලට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ජූලි මස 25 වැනි දින දක්වා කල් තැබීමට නියෝග කර තිබෙනවා.
එම නඩුව අද (30) දිනයේ දී කැඳවූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිස්සංක මහතා පැවසුවේ, නීතිපතිවරයාගේ එකී නඩු පැවරීමට එරෙහිව එම නඩුවේ පළමු වැනි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනාව ගැන මේ දක්වා තීන්දුවක් නිකුත් කර නොමැති බව පෙන්වාදෙමින් විත්තියේ නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා පෙන්වා දුන් කරුණු සලකා බලා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළා.
එම විත්තිකරුවන් දෙදෙනා ම අද අධිකරණයේ පෙනී සිටියා.
Saru FM Media