රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් සියදිවි හානිකර ගනී !

0
5


අම්පාර පදියතලාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ බිබිල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. ඔහු ලබන වසරේදී විශ්‍රාම යාමට නියමිතව සිට ඇත.

මෙම නිලධාරියා ඊයේ රාත්‍රියේ පදියතලාව පොලිස් ස්ථානයෙහි රාජකාරියේ නියුතුව සිට ඇති අතර තමන්ගේ දෑස් පෙනීම අඩු බව පවසා පොලිස් ස්ථානය ඉදිරිපිට මුර කුටියේ රාජකාරිය ඉල්ලා ගෙන එහි සේවය කර ඇති බවත් අද (මැයි 06) අලුයම 05.15 ට පමණ එම මුර කුටිය තුළදී ඔහු වෙඩිතබාගෙන ඇති බවත් සඳහන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here